මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
මෙච්චර කුඹුරු වවන්නේ මොකටද.. මේක අඩු කරන්නෝනෙ.. නැතොත් සහල් මිල අඩුවී ක්ෂේත්රය බිද වැටෙනවා.. - ලාල්
දැනට වගා කෙරෙන කුඹුරු ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් එකක්වත් කඩිනමින් අඩු නොකළහොත් ගොවි ජනතාව, මෙරට කෘෂිකර්මාන්තය සහ ආර්ථිකය බරපතල අර්බුදයකට මුහුණ දෙනු ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
වැඩසටහනකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වී නිෂ්පාදනය මේ වන විටත් ප්‍රමාණවත් මට්ටමක පවතින බවත්, මින්නේරියේ සිට හිඟුරක්ගොඩ දක්වා පැමිණෙන අතරතුර ගොවීන් තවදුරටත් විශාල වශයෙන් වී වගා කරනු දුටු බවත් සඳහන් කළ අමාත්‍යවරයා, එම අස්වැන්න අලෙවි කිරීමට මෙරට තුළ ඉල්ලුමක් හෝ වෙළඳපොළක් නොමැති වීමේ බරපතල ගැටලුවක් උද්ගතව ඇති බව පෙන්වා දුන්නේය.


