මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
පුරාවස්තු සොයා කාමරයක කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට
මින්නේරිය, පාසියාවැව ප්රදේශයේ ඉඩමක් තුළ පුරාවස්තු සොයා කැණිම් කරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මින්නේරිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
සාරාංශය
මින්නේරිය, පාසියාවැව ප්රදේශයේ ඉඩමක් තුළ පුරාවස්තු සොයා කැණිම් කරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කැණිම් කටයුතු සදහා ඔවුන් යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර තිරප්පනේ, පන්සල් හන්දිය ප්රදේශයේ නිවසක කාමරයක් තුළ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

