මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අපි ධීවරයන්ට APP එකක් දුන්නා.. ඒක දියුණු කරන්න අයවැයෙන් බිලියනයක් දැම්මා..
මෙරට ධීවර කර්මාන්තය නවීන තාක්ෂණය සමඟ බද්ධ කරමින් ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා වත්මන් රජය හඳුන්වා දුන් විශේෂිත ජංගම දුරකථන යෙදවුම තවදුරටත් පුළුල් කර නවීකරණය කිරීමට 2026 අයවැයෙන් රුපියල් මිලියන දහසක් (බිලියනයක්) වෙන් කර ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේය. පැවති ජන හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
