ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
ජනවාරියේ ඉඳන් රටේ ලොකු වෙනසක් වෙන්නයි යන්නේ..! VIDEO
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයට එල්නිනෝ සංසිද්ධිය ඍජුවම බලපා ඇති බවත්, එමගින් වෙනත් වසරවලට සාපේක්ෂව වැඩි වර්ෂාපතනයක් නිරීක්ෂණය වූ බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි.
සාරාංශය
පසුගිය මාස කිහිපය තුළ මෙරට කාලගුණික තත්ත්වයට එල්නිනෝ සංසිද්ධිය ඍජුවම බලපා ඇති බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පවසනවා. ඒ, අනුව මෙම වසර වෙනත් වසරවලට සාපේක්ෂව තීවෘ සහ වැඩි වර්ෂාපතනයක් නිරීක්ෂණය වූ බවයි නියුතු කාලගුණ විද්‍යාඥවරයා සඳහන් කළේ. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ඊසානදිග මෝසම් සෘතුවත් සමග මෙම එල්නිනෝ බලපෑමේ ස්වභාවය වෙනස් වන බවයි.

