මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ලෝක උරුම ගාලු කොටුවේ රජයේ ඉඩම් අවභාවිතයක් ගැන විගණනයෙන් අනාවරණයක්
ලෝක උරුමයක් වන ගාලුකොටුවේ පිහිටි රජයට අයත් පර්චස් 21.8ක ඉඩම් කොටස් 17ක් පුද්ගලික පරිහරණයට යොදාගෙන තිබුණ ද, ඒවායේ භුක්තිය යළි රජයට හෝ ගාලු උරුමය පදනම වෙත පවරා ගැනීමට මෙතෙක් කටයුතු කර නොමැති බව අනාවරණය වී තිබේ.
සාරාංශය
මේ සම්බන්ධයෙන් ගාලු උරුමය පදනමේ සභාපති මහාචාර්ය දේව මයිකල් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ගාලුකොටුව තුළ පිහිටි රජයේ ඉඩම් නිරවුල් කර පවරා ගැනීම සඳහා පදනම අවශ්‍ය ලිඛිත ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. අදාළ ඉඩම්වල භුක්තිය ගාලු උරුමය පදනම වෙත පවරා දුනහොත් දැනට නිෂ්කාර්යව පවතින ඉඩම් ඵලදායී ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමට හැකි වන බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

