මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
'ගෑනියි දරුවොයි නැතුව මොන ජීවිතයක් ද?' : දිට්වා ව්‍යසනයෙන් පසු ජීවිතය යළි ගොඩ නැඟීමට වෙර දරන පියෙක්
2025 නොවැම්බර් 27 වන දා රාත්‍රිය මුළු රම්බඩගමට ම අඳුරු, බිහිසුණු රාත්‍රියක් විය. දින තුනක සිට විදුලිය සහ දුරකතන සබඳතා ඇණහිට තිබූ පසුබිමක, එදින රාත්‍රියේ පැවතියේ දැඩි වර්ෂාවකි. රාත්‍රී 10.30ට පමණ මුදියන්සේ මාමා සිය නිවසේ කුස්සිය පැත්තේ සිටියදී, එකවර ම පොළොව ගැස්සෙනු ඔහුට දැනිණි. "එකපාරට ම පොළොව ගැස්සුණා. ගැස්සෙනකොට ම මම උඩ බැලුවා, එතකොට වහලෙත් නෑ මොකවත් නෑ. එකපාරට ම බරස් ගාලා ආවා මේක කඩාගෙන බිඳගෙන. පසු යි, ගසු යි සම්පූර්ණයෙන් ම ආවා," මුදියන්සේ ඒ බිහිසුණු මොහොත සිහිපත් කළේ ය.
සාරාංශය
ඒ ව්‍යසනය සිදුවී වසරක් සපිරෙන මොහොතේ, ඉන් දැවැන්ත ම හානියක් සිදුවූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, රම්බඩගම ප්‍රදේශයේ අපි සංචාරය කළෙමු. රම්බඩගම ප්‍රදේශයේ තවත් පවුල් හයකට පමණ අධිඅවදානම් කලාපයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබුණ ද, යන්නට තැනක් නොමැතිකමින් ඔවුන් තවමත් වර්ෂාව මැද බියෙන් ජීවත් වෙති. ජීවිතයේ සියල්ල අහිමි වුවත්, මේ ධෛර්යවන්ත මිනිසා තවමත් ජීවිතය අතහැර නැත.

%2520(1)-628728.jpg&w=640&q=75)