මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ජොන්ස්ටන්ගේ හෝටලය පොලිසියෙන් වටලයි..
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ පිහිටි හෝටලයක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ.පොලිසියට ලැබුණු විශේෂ තොරතුරකට අනුව, කොටු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු නියෝගයක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.මෙම පරීක්ෂාව සිදු කරන අවස්ථාවේදී ඒ පිළිබඳ විමසිලිමත් වීම සඳහා නීතිඥවරුන් හයදෙනෙකුගේ අධීක්ෂණය ද ලබා දී තිබූ බව වාර්තා වේ.
සාරාංශය
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ සෝදිසි වරෙන්තුවක් අනුව කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි, හෝටලයක අද (16) වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් හදිසි පරික්ෂාවකට ලක්කර තිබෙනවා. කොළඹ 02 - ලිලී වීදියේ පිහිටි මෙම හෝටලය, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බවයි පැවසෙන්නේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 26 නොවැ 2026වාහන හුටපටේට වරද පිළිගත් ජොන්ස්ටන්ට රැ.130000ක දඩයක්මූලාශ්‍ර 18ක්
- 12 නොවැ 2026ආණ්ඩුවට පරිපාලනය ගැන කිසිම දැනුමක් නෑ!මූලාශ්‍ර 5ක්
- 12 නොවැ 2026BMW නඩුවට වරද පිළිගත් ජොනීට දඬුවම් නියම කිරීම කල් යයිමූලාශ්‍ර 10ක්
- 3 නොවැ 2026ජොන්ස්ටන්ගේ සතොස නඩුව ලබන 13 යළි කැඳවීමට නියෝගමූලාශ්‍ර 7ක්
- 4 සැප් 2026ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවටමූලාශ්‍ර 2ක්
- 4 සැප් 2026හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසමේ අත්අඩංගුවටමූලාශ්‍ර 14ක්

