ලහිරු උදාර සඳහන් වන කථා සහ ලිපි, අලුත්ම පළමුව. නමින් ගැළපෙන බැවින් සමනාම අයද පෙනී සිටිය හැක. පුද්ගලයන්ගේ පිටුවල අපරාධ සහ අධිකරණ වාර්තා ලැයිස්තුගත කර නැත.
වෙනත් අකුරින්: Lahiru Udara
පුවත් ආයතන දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.
පසුගිය දින 90 තුළ ලිපි 115ක්
ශ්‍රී ලංකාව - පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගය සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (20 දා) සමත්විය. මෙම ජයග්‍රහණයත් සමගින් තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජයත් තරග 1-0ක්

රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8ක ජයක් වාර්තා කළ පාකිස්තානය, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට සමත් විය. තරගයේ සිව්වැනි දිනය වූ අද (20) දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 309ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අවසන් කඩුල්ල රැක ගැනීමට හැකි වූයේ [...]

ශ්‍රී ලංකාව - පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගය කුසල් මෙන්ඩිස්, සොනාල් දිනූෂ සහ මිලාන් රත්නායක ගේ අර්ධ ශතක ඉනිම් හේතුවෙන් දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දිනට තරගය නතර කරන විට පන්දුවාර 93ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 82ක් ඉදිරියෙන් පසු

පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (19) නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 309ක් රැස් කරගෙන සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පාකිස්තානයට වඩා ලකුණු 82ක ඉදිරියක් ලබා සිටියද, තවත් එක් කඩුල්ලක් පමණක් ඉතිරිව තිබීම හේතුවෙන් තරගයේ වැඩි වාසිය [...]

ලහිරු කුමාර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු පහක් දවාගැනීමට සමත් වුවද, පාකිස්තාන පිතිකරුවන්ගේ අවසන් කඩුලු කිහිපයෙන් ලැබුණු සාර්ථක දායකත්වය හමුවේ රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට තරගයේ වැඩි වාසිය තමන් සතු කරගැනීමට සත්කාරකයෝ සමත් වූහ. ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කරන ලද ලකුණු 98ට පිළිතුරු ලෙස පාකිස්තානු පිල ලකුණු [...]

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ 2 වැනි දිනය (18) නිමා වෙද්දී තම 2 වැනි ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 74ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් ප්‍රතිවාදීන් හමුවේ ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 153ක් ලබා ගත යුතුයි.

රාවල්පිණ්ඩිහිදී අද (17) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පාකිස්තාන වේග පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 98කට සීමා වූ අතර, පළමු දිනය නිමා වන විට සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 7ක් අතැතිව ලකුණු 23ක ඉදිරියක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු [...]

ධනංජය සහ කුසල් ගෙන් ශතක ශඛීබ් ඛාන් ගෙන් විශිෂ්ට පන්දු යැවීමක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ක

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග ද්විත්වයකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පැවැති 1 වැනි තරගය අද (13) විසඳුමකින් තොරව අවසන් වුණා.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (13) ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පින්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 404ක් ලබා සිටිනවා. ඒ අනුව, පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යා

පාකිස්තානු පිතිකරුවන් පළමු ඉනිමට රැස් කළ ලකුණු 434ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම දවා ගැනීමට පාකිස්තානු වේග පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 114ක් ලබා සිටියේය. [...]

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 2 වැනි දිනය නිමා වෙද්දී තම පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 114ක් ලබා සිටියා.

පාකිස්තාන - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වෙයි - ශ්‍රී ලංකාව ලකුණු 320ක් පසුපසින්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීමත් නායක කුසල් මෙන්ඩිස් සහ ලහිරු උදාරගේ දක්‍ෂ පිතිහරඹයත් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථාන පී.සී.බී. පේට්‍රන්ස් කණ්ඩායම පැවැති පළමු සහ අවසාන පුහුණු තරගය ජය පරාජයෙන් ලකුණු 142ක ජයක් අ

පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුග්‍රාහක කණ්ඩායම සමඟ පැවැති තුන් දින පුහුණු තරගයෙන් ලකුණු 142ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද (6) සමත් විය. ඉස්ලාමාබාද් නුවර ඉස්ලාමාබාද් ක්ලබ් ක්‍රිකට් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබා සිටියදී ඉනිම [...]

අංජල, මිලාන් සහ සොනාල් දෙවැනි ඉනිමේදීත් පිත්තෙන් දස්කම් දක්වති පාකිස්තාන සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තුන් දින පුහුණු තරගයේ දෙවැනි දිනය (5) නිමා වන විට සත්කාරක පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රාහක කණ්ඩායමට වඩා ලකුණු 193ක ඉදිරියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව සිටියහ. ඉස්ලාමාබාද්හි ඉස්ලාමාබාද් ක්ලබ් ක්‍රිකට් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ [...]

පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තුන් දින පුහුණු තරගයේ පළමු දිනය වූ අද (04දා)නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රාහක කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 43ක් ලබා සිටියේය. ඉස්ලාමාබාද්හි ඉස්ලාමාබාද් ක්ලබ් ක්‍රිකට් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම [...]

පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තුන් දින තරගයේ පළමු දිනය (4) නිමා වෙද්දී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රාහක කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 43ක් ලබා සිටියා.

වම් පාදයේ කලවා පසුපස මාංශපේශියක ඇති වූ ආබාධයෙන් තවමත් සම්පූර්ණ සුවය ලබා නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ. නිස්සංක වෙනුවට ලහිරු උදාර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. ලහිරු උදාර මේ වන [...]
