මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
මන්නාරම දිස්ත්රික්කයේ ප්රාදේශීය රෝහල්වල පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට සෞඛ්ය අමාත්යවරයාගෙන් උපදෙස්
මන්නාරම දිස්ත්රික්කයේ පේසාලයි හා වෙඩිතලතිව් ප්රාදේශීය රෝහල් සහ පෙරියමඩු ප්රාථමික සෞඛ්ය සත්කාර ඒකකයේ පවතින ගැටලු හා අවශ්යතා පිළිබඳව සොයා බැලූ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා, එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමටත්, ප්රාදේශීය රෝහල් මට්ටමින් බෝ නොවන රෝග හඳුනාගැනීමේ හා ප්රතිකාර සේවා ශක්තිමත් කිරීමටත් අවශ්ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නේය.
සාරාංශය
එමෙන්ම සෞඛ්ය වෘත්තිකයන්ගේ නේවාසිකාගාර හා නිල නිවාසවල පවතින පහසුකම් පිළිබඳව ද අමාත්යවරයාගේ අවධානය යොමු විය. අනතුරුව සෞඛ්ය ආයතනවල කාර්ය මණ්ඩල සමඟ පැවැති සාකච්ඡාවේදී භෞතික පහසුකම්, මානව සම්පත් සහ සේවා සැපයීමේදී මතුවන ගැටලු පිළිබඳව කරුණු විමසූ අමාත්යවරයා, හඳුනාගත් අඩුපාඩු සඳහා කෙටි, මධ්ය හා දිගුකාලීන විසඳුම් ක්රියාත්මක කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස සෞඛ්ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
නලින්ද ජයතිස්ස ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 30 සැප් 2026සෞඛ්ය ක්ෂේත්රයේ ඉදිරි පරිවර්තනය මෙන්ම රටේ නව ආර්ථික මාවත් විවර කිරීමේදී ඖෂධවේදීන්ට විශාල වගකීමක් - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්ර 3ක්
- 26 සැප් 202622 අහෝසි කරනවා කියන්නේ ව්යවස්ථා විරෝධී කතාවක්: ජනමතවිචාරණයකින් තොරව එය කළ නොහැකියි – අමාත්ය නලින්ද ජයතිස්සමූලාශ්ර 5ක්
- 22 සැප් 20265G කියන්නේ 4G වල අප්ඩේට් එක.. ඒකයි කුළුණු 1000 ගහනවා කිවේ.. - නලින්ද ජයතිස්සමූලාශ්ර 2ක්
- 9 සැප් 2026අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස සහ භූතාන සෞඛ්ය අමාත්ය ටැන්ඩින් වංචුක් අතර හමුවක්මූලාශ්ර 5ක්
- 3 සැප් 2026එල්නිනෝ බලපෑමට ලක්වන පිරිස් පිළිබඳ රජය විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරනවා - ඇමති වෛද්ය නලින්ද ජයතිස්සමූලාශ්ර 5ක්
- 25 අගෝ 2026ව්යවස්ථා සංශෝධනයේ අරමුණ අධිකරණ පද්ධතියේ පුළුල් ප්රතිසංස්කරණයක් – අමාත්ය නලින්ද ජයතිස්සමූලාශ්ර 5ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
