3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
විමල් වීරවංශ අත්අඩංගුවට ගන්න වරෙන්තු
රුපියල් මිලියන 75කට අධික වත්කම් නීතිවිරෝධී ලෙස උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.
சுருக்கம்
අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළව අධිකරණය මගහැරීම නිසා හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් වරෙන්තු නිකුත් කර තිබෙනවා. රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති අතර, විමල් වීරවංශගේ ඇපකරුවන්ටද ලබන නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනුයි නොතීසි නිකුත් කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.


