2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අස්වැසුම අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම ගැන යළි දැනුම්දීමක්
අස්වැසුම සුභසාධක ප්රතිලාභ සඳහා අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන්ට අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමේ කාලය එළැඹෙන 15 වැනි දින දක්වා දීර්ඝ කර ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
சுருக்கம்
කෙසේ නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ජනතාව සිදුකර ඉල්ලීම් සහ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය අනුව එය එළැඹෙන 15 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවද අමාත්‍යවරයා පැවසීය. කෙසේ නමුත් හෙට දිනයෙන් පසු විරෝධතා සහ අභියාචනා කැඳවීම මාර්ගගත ක්‍රමයට පමණක් සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව එළැඹෙන 15 වැනි දින දක්වා මාර්ගගත ක්‍රමයට අභියාචනා සහ විරෝධතා ගොනු කළ හැකි බවද පෙන්වා දුන්නේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்

