11 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
චාමර සම්පත් යළි රිමාන්ඩ්
ඒ,, පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළවයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ නඩුව අද කැඳවූවේය. සිද්ධියේ සැකකාර චාමර සම්පත්ගේ හිටපු ලේකම් සුමතිපාල ලියනාරච්චි ද ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වෙනුවෙන් වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා ලිඛිතව ඇප ඉල්ලීමක් සිදුකළ අතර සම්බන්ධයෙන් පැමිණිල්ලේ විරෝධතා ලබන 17 වැනිදා ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දන්වා සිටියේය. සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා පෙර නඩු දින ඉල්ලා තිබූ ඇප ඉල්ලීමේ නියෝගය අද දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ශේප කළේය. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවේ අයවැය කියවීම සිදුවන බැවින් තම සේවාදායකට එදිනට පාර්ලිමේන්තුවට ගෙන යෑමට නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ අද දිනත් බන්ධනාගාරය තුළ බෝවන රෝගී තත්ත්වයක් පැවතීම හේතුවෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය මගින් දන්වා ඇති බවයි. ඉල්ලීම් කරන දිනට තව කල් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පසුව සලකා බලා අධිකරණයට ලබා දිය හැකි නියෝගයක් ලබා දෙන බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දන්වා සිටි යේය. 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට ලක්ෂ 84ක් අල්ලස් ලබා ගත් බව චෝදනා කරමින් පාර්ලිමේන්තු චාමර සම්පත් දසනායකට සහ ඔහුගේ ලේකම්වරයාට එරෙහිව නඩුව පවරා තිබේ.
முழு செய்தித் தொகுப்பு
Lanka Truthචාමර සම්පත් සහ පුද්ගලික ලේකම් යළි රක්ෂිත බන්ධනාගාරයට
News First - සිංහලචාමර සම්පත් යළි රිමාන්ඩ්
-627695.jpg&w=640&q=75)
Lanka News Web සිංහලරු.මි. 8.4ක අල්ලස් චෝදනාවට චාමර සම්පත් යළි රිමාන්ඩ්!
ITN Newsචාමර සහ ඔහුගේ ලේකම් ලබන 20 දක්වා යළි රක්ෂිතයට

අද දෙරණචාමර සහ පුද්ගලික ලේකම් 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

What Newsලක්ෂ 84 අල්ලස් නඩුවට චාමර සම්පත් ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්

සියත නිව්ස්දූෂණ චෝදනා එල්ල වී සිටින පා.ම. චාමර සම්පත් ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

ගගනපා. මන්ත්‍රී චාමර සම්පත් සහ පුද්ගලික ලේකම් අද අධිකරණයට නොආවත් යළිත් රිමාන්ඩ් කිරීමට නියෝග

IRI Newsහිටපු ඇමති චාමර සම්පත් නොවැම්බර් 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරයි

Dasatha Lanka Newsඅල්ලස් නඩුවට චාමර සම්පත් යළිත් රිමාන්ඩ්

Hiru News - Sinhalaපොස්පේට් සමාගම් තුනකින් අල්ලස් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 20 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ්

சுருக்கம்
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි ලබන 20 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ඔවුන් අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදය.