5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බදාදා රජයේ නිවාඩුව අවලංගුයි..
බදාදා දිනවලදී රජයේ සේවකයින් වෙනුවෙන් ලබා දී තිබූ විශේෂ නිවාඩුව මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, අප්‍රේල් මස 08 වන දින සිට සියලුම රාජ්‍ය නිලධාරීන් සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.මෙම නව තීරණය පිළිබඳව නිල වශයෙන් දැනුම්වත් කිරීම සඳහා වන චක්‍රලේඛය නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බව ද ඒ මහතා වැඩි…
சுருக்கம்
රාජ්‍ය සේවකයින් සඳහා සෑම සතියකම බදාදා දිනයේ දී ලබාදී තිබූ නිවාඩුව අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කටයුතු කර තිබේ. රට තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් සෑම සතියකම බදාදා දිනය රාජ්‍ය සේවකයින්ට නිවාඩුව දිනයක් ලෙස පසුගිය මාර්තු 17 වනදා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණි.



