ජනප්රියමූලාශ්ර 12ක් යාවත්කාලීන විය
රට පුරා සියළු පාසල් හෙට වසා දමයි..
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස හෙට (27) දින දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි. අමාත්යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව අද (26) නිකුත් කළ විශේෂ මාධ්ය නිවේදනයක දැක්වෙන්නේ, මෙම තීරණය හෙට දිනට පමණක් සීමා වන බවයි.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දින (27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට කටයුතු කරන බව අධ්යාපන අමාත්යංශය පවසනවා. ස (සාමාන්ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයේ ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි ම පැවැත්වෙන බවයි අධ්යාපන අමාත්යංශය පවසන්නේ.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
