2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රන් පදක්කමක් වෙනුවෙන් සාධාරණය ඉල්ලූ සිසුවියකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව
2015 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයා සඳහා පිරිනමන මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරෙයිරා රන් පදක්කම එම විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු අංශයේ උපදේශකයෙකු (instructor) ලෙස සේවය කරන ඒ.එච්.ඒ.ඩී. අබේසේකර නමැත්තෙකු වෙත පිරිනැමීමට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරනු ලැබී ය.
சுருக்கம்
අබේසේකර වෙත පිරිනැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම රන් පදක්කම පිරිනැමීමේ ක්‍රියාවලියේදී විධිමත් විනිවිදභාවයකින් යුත් ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොමැති බව පෙනී යන බව ය. මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කාරියට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇති බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළේ ය.

