2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ත්‍රිකුණාමලය රෝහලේ බිළිඳු මරණයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළේ ඇයි?
අලුත උපන් බිළිඳෙකුගේ මරණයක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු තාවකාලික වැඩ තහනමකට ලක් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබේ. අමාත්‍යංශයට ලැබුණු පැමිණිල්ලක් මත පවත්වනු ලැබූ මූලික විනය පරීක්ෂණයකින් අනතුරුව අදාළ වෛද්‍යවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි බීබීසී සිංහල සේවයට පැවසීය.
சுருக்கம்
සමාන්‍ය පරීක්ෂණ පවත්වන නිලධාරීන් දෙදෙනෙක් පැමිණිලා විශේෂඥ වෛද්‍යවරයෙක්ව තමා පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ. අදාළ විශේෂඥ වෛද්‍යවරයාට කතා කරලා තියෙන්නේ 8.38ට ඒ මොහොතේ ම ඔහුව සම්බන්ධ කර ගන්න හැකියාව ලැබිලා තියෙනවා. මොක ද ලේබර් රූම් තුළ කිසිදු අවස්ථාවක අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල යෙදෙන්නේ නැහැ."

