2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කැපීපෙනෙන වර්ධනයක් සමඟින් සියලු කොටස් මිල දර්ශකය යළි 21,500 සීමාවට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේ දී යළිත් වරක් ඒකක 21,500 සීමාව පසුකරනු ලැබීය. පසුගිය සැප්තැම්බර් 09 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,500 මට්ටමින් පහළට පැමිණීමෙන් පසු මාස දෙකකට පසු නැවත වතාවක් එම සීමාව අද දිනයේ දී ඉක්මවා යාම විශේෂත්වයකි.
சுருக்கம்
අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 291.72ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කරමින් ඒ අනුව ගනුදෙනු අවසානයේ දී ඒකක 21,531.37ක් දක්වා ඉහළ යන ලදී. ඒ අනුව ගෙවී ගිය ගනුදෙනු දින පහ තුළ දී සමස්තයක් ලෙස ඒකක 1,452.1ක වර්ධනයක් අත්පත් කර ගැනීමට කොටස් වෙළෙඳපොළ සමත් වී තිබේ. S&P SL20 දර්ශකය ඒකක 97.77ක වර්ධනයක් අත්පත් කර ගනිමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,143.15ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

