2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
විශ්‍රාම යන හමුදා සාමාජිකයින්ට සුපිරි රැකියා අවස්ථා - ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත්ම වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම යන සාමාජිකයින්ට වෘත්තීය සුදුසුකම් ලබා දෙමින් දේශීය හා විදේශීය රැකියා අවස්ථා සඳහා යොමු කිරීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.
சுருக்கம்
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව සාමාජිකයින් මුහුණ දෙන වෘත්තීය සහ ආර්ථික අභියෝග අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බවයි. ඒ අනුව, විශ්‍රාමික හමුදා සාමාජිකයින්ට දේශීය හා ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට පිවිසීමට අවශ්‍ය ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහ අනෙකුත් පිළිගත් වෘත්තීය සහතික ලබාදීම යෝජිත වැඩසටහනේ ප්‍රධාන අංගයක් වනු ඇත.

