ප්‍රගීත් අතුරුදන් වීම : ත්‍රිපුද්ගල මහාධිකරණයක්
- මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් විභාගයට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවා තිබේ.ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් ය.මහාධිකරණ විනිසුරුවරුන් වන නයනා සෙනවිරත්න, නලීන් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් එහි සාමාජිකයින් ලෙස පත් කර තිබේ.2010 වසරේ ජනවාරී 24 වැනිදා රාත්‍රියේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමට ලක්විය.වසර 16 ක් ගතවී ඇතත්, සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.
-615438.jpg)