பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සාම සාකච්ඡා අතරතුර අමෙරිකාවෙන් ඉරානයේ ක්වෙෂ්ම් දූපතට ප්‍රහාර රැසක්
හොර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව අමෙරිකානු හමුදාව විසින් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවට අමෙරිකානු මාධ්‍ය වාර්තා පළවෙමින් තිබියදී ඉරානයේ ක්වෙෂ්ම් දූපතේ පිපිරීම් කිහිපයක් සිදුව තිබේ.
சுருக்கம்
ඉරානයට අයත් ක්වෙෂ්ම් (Qeshm) දූපත ඉලක්ක කර ගනිමින් අමෙරිකානු හමුදාව සීමිත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මෙම දූපතට එල්ල කළ ප්‍රහාර ආරක්ෂක පියවරක් ලෙස සිදුකළ බවයි අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. කලාපයේ ස්ථානගත කර ඇති අමෙරිකානු හමුදා සහ ඔවුන්ට අයත් යුද උපකරණ ඉරාන ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

