6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පොලිස්පති UAE ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් හමුවෙයි..
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන Siri Bijune මහත්මිය මෙන්ම ඩුබායි පොලිසියේ ජාත්‍යන්තර සහයෝගිතා අංශයේ අධ්‍යක්ෂකවරයා පොලිස්පතිතුමන් හමුවූ ආරක්ෂක ප්‍රධානීන් අතර වේ. මෙරටින් පළාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට භාරදීමට මෙන්ම පිටුවහල් කිරීමට කඩිනමින් ක්‍රියාකරමින් එරට දක්වන රාජතාන්ත්‍රික සහයෝගය පිළිබඳව පොලිස්පතිතුමන් එහිදී එම නිලධාරීන් වෙත සිය ගෞරව පූර්වක ස්තූතිය පුදකර තිබේ. පොලිස්පතිතුමන් සමග ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ද එම සියලු අවස්ථාවන් සඳහා සහභාගී වී ඇත.
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka NewsUAE පොලිස් ප්‍රධානීන් සහ මෙරට පොලිස්පති අතර හමුවක්

ලංකාදීපපාතාලයන් අල්ලන්න ඩුබායි සමග සාකච්ඡාවක්

ITN Newsපොලිස්පති සහ UAE ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් අතර හමුවක්

Hiru News - Sinhalaඩුබායි හි පැවැත්වෙන ලෝක පොලිස් සමුළුවට එක්වූ පොලිස්පති එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි

ගගනපොලිස්පති සහ UAE ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් අතර හමුවක් - පොලිස්පතිවරයාගෙන් ස්තූතිය

News First - සිංහලපොලිස්පති UAE ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් හමුවෙයි..
-628253.jpg&w=640&q=75)
சுருக்கம்
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වාර්ෂික ලෝක පොලිස් සමුළුවට සහභාගි වී සිටින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඩුබායිහි පොලිස් සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය ප්‍රධානී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ෆෙඩරල් පොලිස් කවුන්සලයේ ප්‍රධානී, සම සමාජික ලුතිනන් ජෙනරාල් Dhahi Khalfan Tamim ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.