2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
2026 පොපි මල් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පොපි මලක් පළඳවයි
2026 වර්ෂයේ පොපි මල් දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පොපි මලක් පළඳවීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
சுருக்கம்
2026 පොපි මල් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා විසින් අමාත්‍යවරයාට පොපි මල පළඳවනු ලැබීය. පළමු හා දෙවන ලෝක යුද්ධවලදී දිවි පිදූ රණවිරුවන් මෙන්ම මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ උදාර කැපවීම සිහිපත් කිරීම සඳහා වාර්ෂිකව පොපි මල් දින සැමරුම පවත්වනු ලබයි.

