7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සුරේෂ් සලේ 28 වැනිදා තෙක් රෝහලේ.
වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස්, කොටුව මහේස්ත්‍රාත් පසාන් අමරසේන හමුවේ අද(22) මේ බව ප්‍රකාශ කළේය. සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට වර්තාවක් ඉදිරිපත් නොකිරීම සහ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිට හේතු දක්වන ලෙස පසුගිය නඩුවාරයේදී ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට නොතීසි නිකුත් කෙරුණි. ඒ අනුව, රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර , අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දැක්වීය. අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පැවසුවේ, අධිකරණ නියෝගයක් තිබුණද සුරේෂ් සලේ තවමත් ඔහුගේ ජංගම දුරකතනයේ සහ පරිගණකයේ මුර පද විමර්ශන නිලධාරීන්ට ලබාදී නොමැති බවයි. ඔහු දැන් සිටින්නේ හෘදය සම්බන්ධ වාට්ටුවකදැයි එහිදී මහේස්ත්‍රාත්වරයා විමසූ අතර ඊට පිළිතුරු දෙමින් දිලීප පීරිස් සඳහන් කළේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර අවසන් බවයි. වෙනත් රෝගීනුත් දත්වල අමාරුවට මේ විදිහට රඳවා ගෙන ප්‍රතිකාර කරනවාද ඇයි මහේස්ත්‍රාත්වරයා විමසීය. සුරේෂ් සලේ වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ වෛද්‍ය වාර්තාවේ සුරේෂ් සලේ වද හිංසාවට ලක්ව ඇතැයි සඳහන් වී ඇති බවයි. එම වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ මානසික පීඩනයකට ලක්ව ඇති බව මිස, වද හිංසාවකට ලක්වූ බවක් නොවේ යැයි මහේස්ත්‍රාත්වරයා එහිදී කියා සිටිායේය. ඒ සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළේය. සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කෙරුණු අතර, නඩුව නැවත කැඳවීමට නියමිතයි.
முழு செய்தித் தொகுப்பு
අද දෙරණසලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ දේ

News First - සිංහලසුරේෂ් සලේ 28 වැනිදා තෙක් රෝහලේ.
-624309.jpg&w=640&q=75)
IRI Newsසලේ මුරපදය දෙන්නේ නැත්තම් ඒක කරගන්න අපිට අවස්ථා තියෙනවා - අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් අධිකරණයේදී කියයි

ITN Newsසුරේෂ් සලේගේ ලැප්ටොප් මුරපදය වෙනත් මාර්ගයකින් ලබාගන්නා බව අධිකරණයට දැනුම් දෙයි

Hiru News - Sinhalaසුරේෂ් සලේ ලබන 28 තෙක් ජාතික රෝහලේ

Gossip Lanka Newsසලේ ගැන කොලේ වැසූ ජාතික රෝහල 'දැන් සලේ සාමාන්‍ය වාට්ටුවේ' යයි උසාවියට කියලා

Dasatha Lanka Newsසලේට ලබන 28 වනදා දක්වා රෝහල් ගතව ඉන්න නිර්දේශ ලැබී ඇති බව අධිකරණයට දන්වයි

IRI Newsසලේ සතියකට සැරයක් පාස්වර්ඩ් මාරු කළා. දැන් තිබුණ ඒවා මතක නැහැ - සලේගේ නීතිඥයා උසාවියට කියයි

சுருக்கம்
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවුණි. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ගරු අධිකරණයෙන් සමාව ඇයැද සිටීමෙන් අනතුරුව නැවත කරුණු දැක්විය. අපි අධිකරණය හමුවේ මේ දේවල් මතු කළාට පසුව ඊයේ වෙද්දී ඔහුව සාමාන්‍ය වාට්ටුවකට මාරුකරලා තියෙනවා.