2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බාල බෙහෙත් රටට ගැටලුවක් නොවේ යැයි නියෝජ්‍ය ඇමති හංසක කීවා ද?
නොවැම්බර් 25 වැනිදා පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති හංසක විජේමුණි කිව්වේ, ප්‍රමිතියෙන් අඩු නිසා ප්‍රතික්ෂේප වන ඖෂධ ඉවත් කර ඒවායේ වටිනාකම සහ 25%ක අමතර ගාස්තුවක් සපයන සමාගමෙන් අය කරන නිසා රජයට මූල්‍ය පාඩුවක් නොවන බවයි. බාල බෙහෙත් රටට ගැටලුවක් නොවේ යැයි ඔහු කීවේ නැහැ.
சுருக்கம்
එදිනම පළ වූ පුවත් වාර්තාවේ ද ඔහුගේ වචන එලෙසම සඳහන් වන්නේ මෙලෙසින්. කාඩ්පතේ සඳහන් ඇස් අන්ධ වීම් සැබෑ සිදුවීම් වුවත්, ඒවා සිදු වූයේ 2023දීයි. නියෝජ්‍ය ඇමතිවරයා ඖෂධ හිඟය ලොව විශාලතම රෝහල්වලත් ඇති බව සඳහන් කළ අතර, දේශීය මිලදී ගැනීම දින තුනකට සීමා කිරීම, නව ප්‍රසම්පාදන ක්‍රමය සහ NMRA කාර්ය මණ්ඩලය දෙගුණ කිරීම ගැන ද, සඳහන් කළා.

