2 ஊடகங்கள்
"ViYASA" ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) හෙට විවෘත කෙරේ
ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන හා නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටවනු ලබන ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) හෙට (22) විවෘත කෙරෙනවා. ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව කර්මාන්ත ක්ෂේත්‍රයේ ධනාත්මක පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණය [...]
