තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සංචාරය අවසන් කරමින් අද (15) පස්වරුවේ බෙයිජිං නගරයෙන් පිටත්ව ගියා. ඊට පෙර බෙයිජිං නුවර, Zhongnanhai හිදී චීන-ඇමරිකානු නායකයින් තවත් කෙළි පිළිසඳරකට ද එක්ව තිබෙනවා. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙවර සංචාරය ඓතිහාසික හා සන්ධිස්ථානීය සංචාරයක් බවත්, දෙපාර්ශ්වයම එක්ව චීන-ඇමරිකානු සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවර සබඳතා සඳහා එහිදී නව [...]
ස්ථාවර ආර්ථික හා වෙළඳ සබඳතා පවත්වා ගැනීම,විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගීතා පුළුල් කිරීම සහ එකිනෙකා සැලකිලිමත් විය යුතු ගැටලු නිසි ලෙස විසඳීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම වැදගත් එකඟතාවකට පැමිණි බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මෙම සංචාරය අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනයට, අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට සහ දෙරට ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි ෂී ජින් පිං වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ස්ථාන- China2
- ඇමෙරිකානු ජනාධිපති
- බෙයිජිං නුවර
- බෙයිජිංහිදී
- අමෙ
යතුරු පද- ජින්පින්ගේ
- වර්ෂයේදීත්
- තීරණාත්මක
- නිමකරමින්
- සංචාරයක්
- ගනිමින්
- චීනයෙන්
- ඩොනල්ඞ්
- ලෝකයක්
- සිටිමු
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා