මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
කන්දේ විහාරයේ ඇතෙකු පහරදීමෙන් සංචාරක මඟපෙන්වන්නෙකු මරුට
අලුත්ගම කන්දේ විහාරයේ සිටි ඇතෙකු සිදුකළ පහරදීමකින් සංචාරක මඟපෙන්වන්නෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: අද දෙරණSanjeewa Editor විසිනි
අද දෙරණ හි කියවන්නමෙයද වාර්තා කළේ
සාරාංශය
අලුත්ගම කන්දේ විහාරයේ සිටි ඇතෙකු සිදුකළ පහරදීමකින් සංචාරක මඟපෙන්වන්නෙකු අද (26) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් සංචාරකයින් පිරිසක් සමග වෑන් රථයකින් අලුත්ගම කන්දේ විහාරය ගිය අදාළ මගපෙන්වන්නා, විහාරස්ථානයේ සිටි ඇතාට පලතුරු වට්ටියක් ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීමට ලක්ව ඇත. පහරකෑමෙන් තුවාල ලැබූ ඔහු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව සඳහන්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.