2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ආදායම් ඉලක්ක අභිබවා යාමෙන් අයවැය හිඟය අවම කරගැනීමට හැකිවුණා – නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර
2025 වසරේදී මෑත ඉතිහාසයේ අවම අයවැය හිඟයක් වාර්තා කිරීමට හැකිවීම සඳහා ප්‍රධාන හේතුවක් වූයේ නියමිත ආදායම් ඉලක්ක අභිබවා ආදායම් රැස් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වීම බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසීය.
சுருக்கம்
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹදී පැවති දේශීය ආදායම් සේවා සංගමයේ 24 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි. එහිදී දේශීය ආදායම් සේවා සංගමයේ 24 වැනි වාර්ෂික සමුළුවට සුබ පැතුම් එක් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, රජයේ ආදායම් ඉලක්ක අභිබවා ආදායම් රැස් කිරීමට දායක වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සේවය විශේෂයෙන් ඇගයීමට ලක් කළේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இடங்கள்
