2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අපි කීවේ නැවෙන් ගොඩ බාන තෙල් මිල නෙවේ..- Verité Research
සමාජය තුළ කථාබහකට ලක්ව ඇති රුපියල් 481 ක ඉන්ධන මිල යනු මෙරටට ඉන්ධන රැගෙන ආ නෞකාවකින් ගොඩබෑ සැබෑ ආනයනික පිරිවැය (Landing Cost) නොවන බවත්, පසුගිය නොවැම්බර් මාසයේදී ඉන්ධන මිල ඉහළ දැමුවද මෙරට වෙළෙඳපොළේ පෙට්රල් සහ ඩීසල් තවමත් අලෙවි වන්නේ නිල මිල සූත්රයට අනුව පැවතිය යුතු මිලට වඩා සැලකිය යුතු ලෙස අඩුවෙන් බවත් ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන 'වෙරිටේ රිසර්ච්' (Verité Research) ආයතනය පෙන්වා දෙයි.

