2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කොටුව මහේස්ත්‍රාත්ට විශේෂ ආරක්ෂාවක්
ජීවිත තර්ජනයක් හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තර්ජනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භකර ඇත.
சுருக்கம்
ඒ අනුව, පුද්ගලික පොලිස් ආරක්ෂක නිලධාරියා සහ තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනකු මහේස්ත්රාත්වරයාගේ ආරක්ෂාවට යොදවා ඇතැයි සඳහන්. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරෙන නඩුවකට අදාලව ජීවිත තර්ණයකින් යුතුව ලිපියක් මහේස්ත්‍රාත්වරයා වෙත ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඔහු පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවත් පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
இடங்கள்
