2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වයඹ පළාතේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් වටලයි : කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
වයඹ පළාතේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මහව පොලිසිය සිදු කළ විශේෂ වැටලීමකදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු…
சுருக்கம்
එහිදී හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 977ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 771ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මත්ද්‍රව්‍ය කිරීමට භාවිත කරන විද්‍යුත් තරාදියක්, ජංගම දුරකථන, සිම්පත් තුනක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී වයඹ පළාතේ ස්ථාන කිහිපයක පිහිටීම් සටහන් කර තිබූ බවට ද අනාවරණ වී තිබෙනවා.

