2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හිටපු ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් 'ආක්‍රමණශීලී' පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන බව හෙළි වෙයි
82 හැවිරිදි හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අස්ථි දක්වා පැතිර ගිය පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන බව ඔහුගේ කාර්යාලය ඉරිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
சுருக்கம்
"ජෝ හට වේගවත් හා සාර්ථක සුවයක් අත් වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා." බයිඩ්න් යටතේ උපජනාධිපතිවරිය ලෙසින් කටයුතු කළ කමලා හැරිස් ද X සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් කළ නිවේදනයකින් පවසා ඇත්තේ, තමන් හා තම ස්වාමි පුරුෂයා වන ඩග් එම්හොෆ් දෙදෙනා ම බයිඩ්න් පවුල වෙනුවෙන් යාච්ඤා කරන බව ය. ජෝ, ඔහුගේ බිරිඳ ජිල් සහ ඔවුන්ගේ පවුලට හොඳ ම දේ වෙන්න කියලාත්, ජනාධිපතිවරයාට ඉක්මන් හා සාර්ථක ප්‍රතිකාර ලැබෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා," යනුවෙනි.

