பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කාත්තන්කුඩි ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය විවෘත කෙරේ
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන තේමාව යටතේ ක්‍රියාත්මක වන "Clean Sri Lanka" ජාතික වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස, කාත්තන්කුඩි නගර සභා බල ප්‍රදේශයේ ඉදිකරන ලද ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය (Material Recovery Facility - MRF) විවෘත කිරීමේ නිල උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කාත්තන්කුඩි [...]
சுருக்கம்
ඉවතලන නොදිරන අපද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණය කරමින් ඒවා පරිසරයට අවිධිමත්ව බැහැර කිරීම අවම කිරීම මෙම ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණයි. එමෙන්ම, අපද්‍රව්‍ය කළමනාකරණයේදී අඩු කිරීම (Reduce), නැවත භාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) යන 3R සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම ද මෙම වැඩසටහනේ වැදගත් අරමුණක්.


