2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඉතිහාසයේ පළමුවරට ලංගමට කොන්දොස්තරවරියන්
ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (06) සිදුවුණා. අලුතින් බඳවාගත් කොන්දොස්තරවරියන්ට පත්වීම් ලබාදීම අද සිදුකෙරුනේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දීයි. අද දිනයේ දී පත්වීම් ලද කොන්දොස්තරවරියන් සඳහා නිල ඇඳුමක් ද හඳුන්වාදී තිබීම විශේෂත්වයක්. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්රීනී සමන්මලී ගුණසිංහ සහ ශ්‍රී ලංකා ගමනාගමන [...]
சுருக்கம்
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවාගත් කොන්දොස්තරවරියන් 20 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී අද සිදුකෙරුණි. පත්වීම් ලද කොන්දොස්තරවරියන් සඳහා නව නිල ඇදුමක් ද මෙහිදී හඳුන්වා දී තිබේ.

