2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයෙන් ශ්රී ලංකා යෞවනයෝ ආසියානු කුසලානෙන් ඉවතට
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ ශ්රී ලංකා බලාපොරොත්තු බිඳ දමමින් ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 106ක පරාජයකට මුහුණ දීමට ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට අද (9) සිදු විය. ඒ අනුව තරගාවලියේ මූලික වටයේ දී සහභාගී වූ තරග තුනෙන් දෙකක් පරාජය වීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් [...]
சுருக்கம்
ඕමානයේ අල් අමරාත් ක්රිකට් ක්රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා නායක විරාන් චමුදිත පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. පළමු කඩුල්ල ලකුණු 22දී බිඳ වැටුණ ද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවක් ගොඩනැගීමට නඩර්ජන් සහ සකීයිල් සමත් වූහ. ගිම්හාන් රසාංජන සමඟ එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 26ක් එක් කළ කිත්ම, අනතුරුව චනිරු සේනාරත්න සමඟ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවක් ද ගොඩනැඟුවේය.

