2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කගේ දීමනා කපා හැරියා ද?
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2026 ඔක්තෝබර් 28 වැනිදා නිකුත් කළ පළමු අස්වැසුම නාම ලේඛනයට අනුව, තොරතුරු යාවත්කාලීන කළ අයදුම්කරුවන් අතරින් පවුල් 1,391,830කට සුදුසුකම් නොමැත. සැප්තැම්බර් මාසයේදී අස්වැසුම දීමනා ලැබුවේ පවුල් ලක්ෂ 12කට පමණක් බැවින්, පවුල් ලක්ෂ 14කගේ දීමනා කපා හැර ඇති බවට පළ වී ඇති සමාජ මාධ්‍ය සටහන් සමාජය නොමඟ යවන සුළුයි. පළමු අදියර යටතේ දීමනා ලබන පවුල් සංඛ්‍යාවෙහි විශාල වෙනසක් සිදුවී නොමැත.
சுருக்கம்
1,391,830 යනු දීමනා ලබමින් සිට දීමනා අහිමි වූ පිරිස නොව සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන් සංඛ්‍යාවයි ඉන් අනතුරුව අප නව තොරතුරු යථාවත් කිරීමෙන් පසු නව සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීමට අදාළව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් 2026.10.28 දින නිකුත් කරන ලද නිල නිවේදනය වෙත අවධානය යොමු කළා.

