2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ප්‍රජා ජල වැඩසටහන් වඩාත් කාර්යක්ෂම කිරීමට නව කලාප කාර්යාල ව්‍යුහයක්
ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා ජල ව්‍යාපෘති ජනතාවට වඩාත් සමීප කරවමින්, සාර්ථක කර ගැනීමේ අරමුණ සහිතව එම දෙපාර්තමේන්තුව යටතේ පවතින බලතල නව කලාප කාර්යාල ව්‍යුහයක් හරහා ප්‍රාදේශීය මට්ටමික් ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
சுருக்கம்
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ. ප්‍රජා ජල සේවාවන් බාධාවකින් තොරව ජනතාව අතරට ගෙන යාම සඳහා පවතින පුරප්පාඩු සම්පූර්ණ කරමින් ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර තිබේ.

