3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
Door to Door Skill Campaign වැඩසටහන ඇරඹේ
අගමැතිවරිය ඒ බව පැවසුවේ, රටක් වටින ඔබට ඉඩක් හදන අපි යන්න තේමා කර ගත් Door to Door Skill Campaign වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයට අද(21) අධ්‍යාපන අමාත්‍යංශයේදි එක්වෙමින්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය මග හැරුණු මෙරට තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහනින් ඔවුන්ගේ නිවෙස් වෙතම ගොස් වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම හා පවතින අවස්ථා පිළිබව දැණුවත් කිරීම ඒ යටතේ සිදුවේ. වැඩසටහන අද(21) සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක වීම විශේෂත්වයක්. Door to Door Skill Campaign යටතේ රාජ්‍ය නිලධාරීන් සියලු ග්‍රාම නිලධාරී කොට්ටාස වල තරුණ ප්‍රජාවන් හමුවීමට නිවෙස් වලටම යන අතර එහිදී වෘතීය අධ්‍යාපනය සම්බන්ධ දැණුම තරුණ තරුණියන්ට මෙන්ම දෙමවුපියන්ටද ලබා දීම සිදු වේ. රැකියා විරහිත තරුණ තරුණියන් හදුනා ගැනීමත් ඔවුන් දක්ෂකම් දක්වන සහ උනන්දුවක් දක්වන වෘත්තීය ක්ෂේත්‍ර හදුනා ගනිමින් ඒ වෙත යොමු කරවීමත් ඒ යටතේ සිදු කෙරුණු ඇති උසස් පෙළින් පසු ඩිප්ලෝමා, NVQ සුදුසුකම්, උපාධි පාඨමාලා මෙන්ම දේශීය හා විදේශීය රැකියා අවස්ථා වෙත පිවිසීමට මෙම වැඩසටහනින් මග පෙන් වේ.
சுருக்கம்
විශ්වවිද්‍යාල අධ්‍යාපනය මග හැරුණු මෙරට තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහනින් ඔවුන්ගේ නිවෙස් වෙතම ගොස් වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම හා පවතින අවස්ථා පිළිබව දැණුවත් කිරීම ඒ යටතේ සිදුවේ. වැඩසටහන අද(21) සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.


