2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
WWE ශූර බ්‍රොන්සන් රීඩ් 38 දී මියයයි
ලෝක මල්ලවපොර වළල්ල තුළ අඩි හයක උසකින් සහ රාත්තල් 330ක පමණ දැවැන්ත ශරීරයකින් යුතුව ප්‍රතිවාදීන් සලිත කළ බ්‍රොන්සන් රීඩ්, හෙවත් ජර්මේන් හේලි, සිය 38 වැනි වියේදී සදහටම නිහඬ වී තිබේ.
சுருக்கம்
ජර්මේන් හේලි (Jermaine Haley) යන සැබෑ නමින් හැඳින්වෙන ඔහු සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි WWE ආයතනය ඊයේ (27) නිවේදනය කළේ. කෙසේ වෙතත්, ඔහුගේ මරණයට හේතු වූ නිශ්චිත සෞඛ්‍ය සංකූලතා සම්බන්ධයෙන් WWE ආයතනය වැඩිදුර තොරතුරු අනාවරණ කර නැහැ. ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රොන්සන් රීඩ් 2019 වසරේ සිට 2021 වසර දක්වා WWE ආයතනය සමග එක්ව කටයුතු කළ අතර, 2022 වසරේදී යළි WWE මල්ලවපොර පිටියට පිවිස තිබුණා.
