2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කපිලගේ මරණය ගැන එයාර් බස් චෝදනාවට ලක්වූ රාජපක්ෂ පිලෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතු වන බව එයාර් බස් ගනුදෙනුවේ චෝදනාවට ලක්වූ පාර්ශ්වය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය…
சுருக்கம்
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී අමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 06 වනදා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබිණි. රක්ෂිත බන්ධනාගාරයක සිටින පුද්ගලයෙකුට ඇපකරුවන් සොයාගැනීම ප්‍රායෝගිකව අපහසු බැවින්, අදාළ ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා ඔහුට හඳුන්වා දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව වහාම සෙවිය යුතු බව හෙතෙම සඳහන් කළේය.
