2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සුරාබදු ආඥා පනත සංශෝධනයට පියවර
සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් කමිටුවේ රැස්වීමක් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
சுருக்கம்
මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම වෙනුවෙන් වසර දෙකක් ඇතුළත අවසන් කිරීමට යෝජිත සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතියෙහි (RASED) ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වුණා. වර්තමාන සමාජ සහ තාක්ෂණික ප්රවණතාවලට ගැළපෙන පරිදි සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත්, ඉදිරි සති දෙක ඇතුළත එම සංශෝධන අවසන් කර නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමටත් මෙහිදී තීරණය කෙරුණා.

