අලුත් දෑ තනන දරුවන් බිහිකිරීම යනු රටේ අනාගතය ගොඩනැගීමයි — නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන
"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" යන කුමාරතුංග මුනිදාසයන්ගේ ප්‍රකට කියමන සිහිපත් කරමින් රටක අනාගතය ගොඩනැගෙන්නේ නව අදහස් ඇති, ප්‍රශ්න කිරීමටත්, අත්හදා බැලීමටත්, අසාර්ථකත්වයෙන් ඉගෙන ගැනීමටත් හැකි දරුවන් බිහිකිරීම තුළින් බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා සදහන් කරයි.
