2 sourcesUpdated
අලුත් දෑ තනන දරුවන් බිහිකිරීම යනු රටේ අනාගතය ගොඩනැගීමයි — නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන
"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" යන කුමාරතුංග මුනිදාසයන්ගේ ප්‍රකට කියමන සිහිපත් කරමින් රටක අනාගතය ගොඩනැගෙන්නේ නව අදහස් ඇති, ප්‍රශ්න කිරීමටත්, අත්හදා බැලීමටත්, අසාර්ථකත්වයෙන් ඉගෙන ගැනීමටත් හැකි දරුවන් බිහිකිරීම තුළින් බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා සදහන් කරයි.
Summary
නියෝජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම ආරම්භ කළේ ලෝකයේ ජනප්‍රිය අයිස් රසකැවිල්ලක් වන Popsicle නිර්මාණය වූ ආකාරය පිළිබඳ කතාවක් ඉදිරිපත් කරමිනි. නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ දරුවන් තුළද නව නිපැයුම් සහ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කිරීමට අවශ්‍ය හැකියාව පවතින බවත්, එම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට හා අත්හදා බැලීමට අවස්ථා නිර්මාණය කිරීම අධ්‍යාපන පද්ධතියේ මෙන්ම වැඩිහිටි සමාජයේද වගකීමක් බවත්ය.

