2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සැමියා කේචන් උඩුගත කළ නයෝමි ඉවර නොකළ රෝහලේ අවසන් වීඩියෝව
පසුගිය සතියේ ජපානයේදී දරු ප්‍රසූතිය අතරතුර අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් ජනප්‍රිය සමාජ මාධ්‍ය වීඩියෝ නිර්මාණ ශිල්පිනී නයෝමි චාන් වීරවර්ධනගේ නිල ෆේස්බුක් ගිණුමේ පළවූ නවතම වීඩියෝවක් හේතුවෙන් ඇයගේ රසික රසිකාවියන් යළිත් වරක් දැඩි කම්පනයට පත්ව තිබේ.
சுருக்கம்
මෙලෙස උඩුගත කර ඇත්තේ නයෝමි සිය දරුවා මෙලොවට බිහිකිරීම සඳහා රෝහල්ගතව සිටියදී ලබාගත්, එහෙත් ඇයට කිසිදා අවසන් කිරීමට නොහැකි වූ වීඩියෝ දර්ශන කිහිපයකි. එම අතිශය සංවේදී වීඩියෝව තුළ නයෝමි රෝහල වෙත යාමට පෙර සිය සුරතල් බළලා වන 'හරු' සමඟ ගතකළ අවසන් මොහොත ද සටහන්ව තිබේ.

