යළිත් අඩු පීඩන කලාපයක්: නිරිතදිගට වැසි වැඩිවෙයි
උතුරු අන්දමන් දුපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයයේ නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනය
උතුරු අන්දමන් දුපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයයේ නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනය
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හෙට වනවිට එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි. ඉන් අනතුරුව, එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වෙමින් අනිද්දා වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත