ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරල් Nayyar Naseer HI (M), ඊයේ (11) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදී හමුවුණා. මෙහිදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා වෙත ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික සේවාව සාර්ථකව කරගෙන යාමට සුබ පැතුම් එක් කළා. දෙපාර්ශ්වය අතර පැවැති මෙම සුහද සාකච්ඡාවේ [...]
දෙපාර්ශ්වය අතර පැවැති මෙම සුහද සාකච්ඡාවේ දී අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබුවා. ආරක්‍ෂක සහයෝගීතාව, පුහුණු අවස්ථා සහ කලාපීය ආරක්‍ෂක සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත්තා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
යතුරු පද- නියෝජ්‍ය2
- ආරක්‍ෂක2
- හමුවෙයි2
- ජෙනරල්2
- මේජර්2
- මෙරට2
- කොමසාරිස්වරයා
- පාකිස්තාන
- පාකිස්ථාන
- ඇමතිව
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා