ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරල් Nayyar Naseer HI (M), ඊයේ (11) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදී හමුවුණා. මෙහිදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා වෙත ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික සේවාව සාර්ථකව කරගෙන යාමට සුබ පැතුම් එක් කළා. දෙපාර්ශ්වය අතර පැවැති මෙම සුහද සාකච්ඡාවේ [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleදෙපාර්ශ්වය අතර පැවැති මෙම සුහද සාකච්ඡාවේ දී අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබුවා. ආරක්‍ෂක සහයෝගීතාව, පුහුණු අවස්ථා සහ කලාපීය ආරක්‍ෂක සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත්තා.
Summarised from Dasatha Lanka News
Keywords- නියෝජ්‍ය2
- ආරක්‍ෂක2
- හමුවෙයි2
- ජෙනරල්2
- මේජර්2
- මෙරට2
- කොමසාරිස්වරයා
- පාකිස්තාන
- පාකිස්ථාන
- ඇමතිව
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage