මෙරට ප්‍රමුඛතම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වන මහරගම අපේක්ෂා රෝහලේ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීම, රෝගී සත්කාර සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ රෝහල් කළමනාකරණ සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වූයේ , රජයේ රෝහල්වල පාලන කටයුතු විධිමත් කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ රෝගී සත්කාර සේවා සංවර්ධනය කිරීම, අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ට විධිමත් හා සැලසුම්සහගත වැඩපිළිවෙළක් යටතේ අඛණ්ඩ පිළිකා ප්‍රතිකාර සේවාවක් සහතික කිරීමයි. සායන හා වාට්ටු සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයකින් තොරව අඛණ්ඩව සපයා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.
News.lk වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- කේ.පී. යෝගචන්ද්‍ර2
- සාලින්ද බණ්ඩාර2
- හංසක විජේමුණි2
- එච්.එම්.එන්. දිනිප්‍රිය හේරත්
- යූ.ඒ.එස්.එච්. සිසිර කුමාර
- ඒ.බී.ඩබ්ලිව්. කුමාරසිංහ
- එස්.පී.ඒ.එල්. රණවීර
ආයතන- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය4
- මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ2
- අපේක්ෂා රෝහලේ2
- සැපයුම් අංශය2
යතුරු පද- ප්‍රතිකාර2
- ක්‍රියාත්මක
- කාර්යක්ෂම
- සංවර්ධන
- සැලසුම්
- සේවාවක්
- තීන්දු
- පිළිකා
- අඛණ්ඩ
- ඉදිරි
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා