අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර සේවා කාර්යක්ෂම කිරීමට සහ ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පියවර
මෙරට ප්‍රමුඛතම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වන මහරගම අපේක්ෂා රෝහලේ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීම, රෝගී සත්කාර සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ රෝහල් කළමනාකරණ සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
