2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
TikTok වීඩියෝවකට වන සතෙකු ගන්න ගිහින් 19 හැවිරිදි තරුණයෙකුට ජීවිතය අහිමි වෙයි- "බල්ලෙක් කෑවා" කියා ඇත්ත වසන් කරන්න හැදූ TikTok තරුවත් අත්අඩංගුවට
පාකිස්තානයේ ලාහෝර් නුවර පෞද්ගලික වන සත්ව ගොවිපලකදී TikTok වීඩියෝවක් රූගත කිරීමට සූදානම් වෙමින් සිටි 19 හැවිරිදි තරුණයෙකු වන සතෙකුගේ ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
சுருக்கம்
පාකිස්ථානයේදී ලාහෝර් දිස්ත්රික්කයේදී TikTok වීඩියෝවක් රූගත කිරීම සඳහා කූඩුවෙන් මුදාහැරිය කොටිදෙනක් පහරදීමෙන් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය, ගොවිපළ හිමිකරු වන ෆයියාස් සහ නෝමාන් නමැති TikTok වීඩියෝ නිර්මාණකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

